ග්රාමීය ආර්ථික කටයුතු අමාත්යංශයේ හිටපු ලේකම්වරිය වූ රේණුකා ඒකනායකගෙන් ඩොලර් මිලියන 11.7ක මූල්ය අපරාධයකට අදාළව පරීක්ෂණ වෙනුවෙන් ප්රශ්න කර තිබේ.
කිරි ගවයන් 15,000ක් මෙරටට ආනයනය කිරීමේ ව්යාපෘතියේ එක් අදියරක් වෙනුවෙන් ඩොලර් මිලියන 11.7ක මුදලක් නෙදර්ලන්ත බැංකුවකින් ලබා ගත් ණයක් යොදවා තිබිණි. 2018 වසරේ අදාළ මුළු මුදල ම ඕස්ට්රේලියානු සමාගමකට අත්තිකාරම් ලෙස ගෙවා තිබුණත් මේ වනතුරු එකදු ගවයෙකු හෝ මෙරටට ගෙන්වා නැත.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 23 සහ 24 යන දිනවල දී දීර්ඝ වශයෙන් ප්රශ්න කරනු ලැබීය. ඇය, රනිල් වික්රමසිංහ ජනාධිපති ලෙස සිටි කාලයේ ජනාධිපති ලේකම්වරයා ලෙසින් කටයුතු කළ සමන් ඒකනායකගේ බිරිඳ ග්රාමීය ආර්ථික කටයුතු අමාත්යංශයේ ලේකම්වරිය ලෙස පත් කර සිට ඇත.
Views: 0










