මෙම වසරේ මුල් මාස 05 තුළ විවිධ අපරාධ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් මහාධිකරණය ඉදිරියේ නඩු ගොනු 706ක් පවරා ඇති බව මාධ්ය වාර්තා වලින් හෙළි වේ.
මෙයට පෙර හෙළි වී තිබුණේ එම සංඛ්යාව 600ක් පමණ වන බව ය. නමුත් මේ වනවිට වාර්තා වන්නේ එය 706 වැනි ඉහළ සංඛ්යාවක් බවයි.
මෙසේ නඩු පවරා ඇති පුද්ගලයින් අතර ජාතික කණ්ඩායමේ ක්රිකට් ක්රීඩකයෙකු වූ සචිත්ර සේනානායක ද සිටින බව වාර්තා වේ. ඉහළ ම පොලිස් නිලධාරින් ඇතුළු රාජ්ය නිලධාරීන්, ප්රබල දේශපාලඥයන්, මත්ද්රව්ය ජාවාරම්කරුවන් ඇතුළු දේශපාලන අනුග්රහය ලද විවිධ අපරාධකරුවන් මේ අතර සිටින බව වැඩි දුරටත් වාර්තා වේ.
Views: 0










