ගෝඨාභය රාජපක්ෂගේ අනුග්රහයෙන් නිස්සංක සේනාධිපති සිදු කර ඇති මහා පරිමාණ විදේශ විනිමය කොල්ලයක තොරතුරු හෙළි වී ඇති අතර, ඔහු විසින් ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය ගිණුමට මුදල් බැර කර තිබීම මගින් ඇයව බිලී කොක්කක අමුණා ඇති බව පැහැදිලි වී තිබේ.
ශ්රී ලංකාව ආසන්නයෙන් ඈත මුහුදේ ගමන් කරන නෞකාවලට මුහුදු කොල්ලකරුවන්ගෙන් එල්ල වී තිබූ තර්ජනවලින් ආරක්ෂා කර ගැනීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාව යොදවා තිබිණි. එය, නාවික හමුදාවට විදේශ විනිමය ඉපයීමේ මාර්ගයක් ලෙස 2009 සිට 2012 දක්වා වේගයෙන් සංවර්ධනය වෙමින් පැවතිනි.
එවකට සිටි ආරක්ෂක අමාත්යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් එම විදේශ විනිමය ඉපයීමේ මාර්ගය නිස්සංක සේනාධිපතිට අයත් ඇවන්ට්ගාඩ් සමාගමට පැවරීය. ඒ මගින් 2012 සිට 2015 දක්වා ඔහු ඩොලර් මිලියන 11,457ක අති විශාල ධනයක් උපයා ගෙන තිබිණි. කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියකට මාසයක් සඳහා රුපියල් ලක්ෂ 13ක වැටුප් ගෙවමින් රැකියාවක් ලබා දී ඇති අතර, ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය ගිණුමට ද මුදල් බැර කර ඇති බව හෙළි වී තිබේ.










