තවත් පලුවක් ගැලෙවෙයි

තවත් පලුවක් ගැලෙවෙයි

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන බවට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ කුඩා කණ්ඩායම් ගෙන යන ප්‍රචාරවලට දැඩි ප්‍රහාරාත්මක පිළිතුරක් සජිත් පිල අභ්‍යන්තරයෙන් අලුත් වටයකින් දියත් කර තිබේ.

එම පක්ෂයේ ජාඇල ආසනයේ සංවිධායක ශිරන්ත අමරසේකර ඊයේ (07) ප්‍රසිද්ධියේ ම සජිත් ප්‍රේමදාස සහ හර්ෂණ රාජකරුණා ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාරය දියත් කරනු ලැබීය.

“සජිත් මහත්තයට කියන්න පාඩුවේ ඉන්න කියලා. දිනනවා නම් අපි දිනා ගනී. රටේ තියෙන ඔක්කොම පාපිසි එකතු කර ගෙන කොළඹ නගර සභාව අපට පිහිටුවන්න ඕන නෑ. මොකටද අපි එහෙම පිහිටුවන්නේ?” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය. එහිදී ඔහු අවධාරණය කර තිබෙන්නේ ජාතික ජන බලවේගයට එරෙහිව පවතින කුඩා පක්ෂ “පාපිසි” තත්වයට වැටී ඇති බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්