ශ්රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය කැළඹිලි තත්වය, අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, අද (22) දිවයින පුරා මෙන්ම දිවයින අවට ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශවලද වැසි තත්වය වැඩි වනු ඇතැයිද අපේක්ෂා කෙරේ.
මේ සම්බන්ධයෙන් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවුක ප්රජාව ඇතුළු මහජනතාවගෙන් ඉල්ලා සිටී.
බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණු සහ වයඹ පළාත්වලත්, මන්නාරම දිස්ත්රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එම ප්රදේශවල අහස වලාකුලින් බරව පවතිනු ඇති බවත් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙසද කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.










