අකිලට එරෙහි අල්ලස් නඩුව ජනවාරි 05 කැඳවීමට නියෝග

අකිලට එරෙහි අල්ලස් නඩුව ජනවාරි 05 කැඳවීමට නියෝග

හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් සහ ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති දූෂණය සම්බන්ධ නඩුව ලබන ජනවාරි 05 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (20) නියෝග කර තිාබ.්

එදිනට මෙම සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් විසින් අල්ලස් කොමිසමට නියෝග කර ඇති බව පැවසේ.

අදාළ නඩුව අද (20) කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින සැකකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනී සිට ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශකවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී, තම කාර්ය මණ්ඩලය සඳහා බව පවසමින් බඳවා ගන්නා ලද සේවකයන් සිව් දෙනකුගෙන් තිදෙනෙකු තමාට අයත් ඉන්ධන පිරවුම්හලක සේවකයන් ලෙස යොදවා ගනිමින් ද, තවත් සේවකයෙකු තනතුරට අදාළව වෙන්කර තිබුණු කාර්යාලයේ රාජකාරි සඳහා යොදවා ගැනීමකින් තොරවද, එම සේවකයන් වෙත රජයෙන් රුපියල් විසි හත්ලක්ෂ හැටඅටසහස් අටසිය තිස් හයයි ශත දාහතරක් (රු. 2,768,836.14) වැටුප් හා දීමනා ගෙවීමට සැලැස්වීමෙන් රජයට පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන්, ‘දූෂණය’ නමැති වරද සිදුකිරීම යන චෝදනාව මත මෙහි පළමු සැකකරුට චෝදනා ගොනුකර තිබේ.

දෙවන සැකකරුට ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්