පසුගිය වෙසක් පොහෝ දින පොදු සමාව යටතේ නිදහස් කරන ලද පුද්ගලයන්ගේ නාම ලේඛනය අතර නම සඳහන් නොවූ අයෙකු නිදහස් කිරීමේ කුමන්ත්රණය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන සිදු කරන ලෙස නියෝග කර තිබේ.
ජනාධිපති කාර්යාලය වෙත ලබා දී තිබූ 388කගේ පොදු සමා නාම ලේඛනයට පිටින් පුද්ගලයෙකු නිදහස් කර ඇති බව අධිකරණය ඉදිරියේ හෙළි වී තිබිණි.
ඒ පිළිබඳව ජනාධිපති මාධ්ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.
Views: 0










