යෝෂිතගේ ඩේසි ආච්චිගේ නඩුව ජූලි 11 කැඳවීමට නියෝග

යෝෂිතගේ ඩේසි ආච්චිගේ නඩුව ජූලි 11 කැඳවීමට නියෝග

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් (ඩේසි ආච්චි) යන අයට එරෙහිව ගොනු කර තිබෙන මුදල් විශුද්ධිකරණ නඩුව ජූලි මස 11 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (30) නියෝග කර තිබේ.

ඒ මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට, යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපති විසින් අධිචෝදනා බාර දී මෙම නඩුව ගොනු කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්