ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවන මාර්ග අනතුරු වැළැක්වීමේ පුළුල් වැඩපිළිවෙලට සමගාමීව මෙම 27 සහ 28 දෙදින තුළ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය අරෝෂා විද්‍යාභූෂණ ඇතුළු නිලධාරීන් සහභාගිත්වයෙන් මොණරාගල, අම්පාර, සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ප්‍රවාහන වෛද්‍ය ආයතනවල නිරීක්ෂණයක නිරත වී ඇත.
එහිදී “මාර්ග අනතුරු වළක්වමු” යන මැයෙන් මාර්ග අනතුරු වැළැක්වීමෙහිලා රියදුරන් සතු වගකීම් සහ ඒ සදහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් ඉටුකරනු ලබන කාර්යය භාරය පිළිබඳ දේශනයක්ද ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය අරෝෂා විද්‍යාභූෂණ විසින් සිදු කර තිබේ. තවද, මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සදහා ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී දැනුවත් කර ඇත.
මේ සදහා ප්‍රදේශය භාර පොලිස් නිලධාරීන් ප්‍රාදේශිය හා දිසා ලේකම්වරුන්, රියදුරු පාසල් හිමිකරුවන් සහ රියදුරු පුහුණුකරුවන්, ශ්‍රී ලංගම, ප්‍රාදේශීය මගී සේවා නියෝජිතයන් ආදි පිරිසක් සහභාගි වී තිබේ.
එසේම, මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ, අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල රත්නායක සහ ග්‍රාමීය සංවර්ධනය, සමාජ ආරක්ෂණය සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියොජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස ඇතුළු නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාව සදහා සහභාගී වී සිට බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

















