මහින්දානන්ද අතුළට යද්දී කවුරුත් ඇසියයුතු අඹන්වල ගැන කතාව…

මහින්දානන්ද අතුළට යද්දී කවුරුත් ඇසියයුතු අඹන්වල ගැන කතාව…

හිටපු ඇමතිවරු දෙදෙනෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලීන් ප්‍රනාන්දු රජයේ මහජන මුදල් රුපියල් මිලියන 53ක් අවභාවිතා කිරීම පිළිබඳ කැරම්බෝඩ් නඩුව ලෙස ප්‍රසිද්ධ වූ නඩුවේ වැරදි කරුවන් වී බරපතල වැඩ සහිතව වසර් 20කට සහ 25කට සිරගත වූ තීන්දුව ලබා දී පැය කිහියක් ගෙවී යද්දී මේ වනවිට එම නඩු ගොනුවේ ලිපිලෙඛණ කටයුතු සැකසීමේ භාරධූර්ය කටයුත්ත සිදු කළ මෙරට සිටි කීර්තිමත් විගණකාධිපති නිලධාරියෙකු වන ලලිත් අඹන්වල ගැන සමාජ මාධ්‍ය තුළ ඉතා ප්‍රසංසනීය කතාබවත් මතුව තිබේ.

උක්ත කැරම්බෝඩ් නඩුවේ පැමිණිලි කරුවෙකු වන හිටපු ජ්‍යෙෂ්ඨ විගණන නිලධාරී මෙන්ම වත්මන් ජාතික ලොතරැයි මංඩලයේ සභාපති සිරිල් ඇන්ටන් පෙරේරා සිය මුහුණුපොතට එක් කර ඇති සහනකින් කීර්තිමත් විගණකාධිපති නිලධාරියෙකු වන ලලිත් අඹන්වල ගැන සඳහන් කර ඇති අතර එය උපුටාගෙන පහතින් දැක්වේ.

“මහින්දානන්ද අලුත්ගමගේ ට නිසි දඬුවම ලබාදීමට ලොකුම සහාය ලැබුනේ ලලිත් අබන්වලගෙන්. ඔහු නොසිටින්න මෙම පැමිණිල්ල ගොනුවෙන්නේේ නෑ. මෙම නඩුවට අදාල ලේඛන සොයා දුන්නේ ඔහු. ඒ දවස්වල FCID එක ගැන අවලාද කියපු මිනිස්සුන්ට දැන්වත් වැටහෙන්න ඕන ලලිත් අඹන්වල වගේ මිනිස්සුන්ට යාන්ත්‍රණය කාගේ වුවත් තම වගකීම ඉටු කිරීමට එය බාධාවක් නොවූ බව. මේ විමර්ශනයට සම්බන්ධ වීමට හැකිවීම ගැන සතුටු වෙමි.

අඹන්වල මහතා වසර කිහිපයකට පෙර අභාවප්‍රාප්ත විය. විගණන කටයුතුවලදී මුහුණට එල්ල වූ බරපතළ ඇසිඩ් ප්‍රහාරයක් නිසා ඇස් වලට සහ මුහුණට සිදුවූ බරපතල හානි මධ්‍යයේත් අවසානය දක්වා රාජකාරියෙහි නිරත විය.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්