ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමති ශ්‍රී ලංකාවේ සෞදි තානාපති හමුවෙයි

ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමති ශ්‍රී ලංකාවේ සෞදි තානාපති හමුවෙයි

ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමති මුනීර් මුලෆ්ෆර් සහ ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති කාලිඩ් හුමූද් අල් කහ්තානි අතර හමුවක් පසුගිය 27 වනදා පෙරවරුවේ සෞදි අරාබියානු තානාපති කාර්යාලයේදී පැවැත්විණි.

නව රජය යටතේ ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම මෙම හමුවෙහි මූලික අරමුණ වී තිබේ.

මීට අමතරව, දෙරට අතර අනාගත ආයෝජන සහ රැකියා අවස්ථා පිළිබඳවද සාකච්ඡා කර ඇත.

සෞදි තානාපති කාලිඩ් හුමූද් අල් කහ්තානි ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා පූර්ණ සහය දැක්වීමට සෞදි රජයේ දැඩි කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව පිළිබඳව ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමති මුනීර් මුලාෆර් සිය ප්‍රශංසාව පළ කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්