රෝයල් පාක් නඩුවේ චූදිතයා නිදහස් කළාට හිටපු ජනපති මෛත්‍රි රු. මිලියනයක් වන්දි ගෙවයි…

රෝයල් පාක් නඩුවේ චූදිතයා නිදහස් කළාට හිටපු ජනපති මෛත්‍රි රු. මිලියනයක් වන්දි ගෙවයි…

රෝයල් පාර්ක් ඝාතන සිද්ධියට මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහට ජනාධිපති සමාවක් ලබාදීමට එරෙහිව හටිපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද රුපියල් මිලියනයක වන්දි මුදලක් හිටපු ජනාධිපති විසින් ගෙවා ඇති බව ඔහුගේ නීතිඥවරු අද (29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ, මෙම නඩුව අද එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

නඩු විභාගය අතරතුර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද දින අධිකරණයේ පෙනී සිට ඇත.

හිටපු ජනාධිපති වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණයට දැනුම් දී ඇත්තේ කලින් නියම කර ඇති පරිදි වන්දි මුදල සම්පූර්ණයෙන්ම ගෙවා ඇති බවය.

මෙම තහවුරු කිරීමෙන් පසුව, නඩුවට අදාළ ඉදිරි කටයුතුවලින් මෛත්‍රීපාල සිරිසේන නිදහස් කිරීමට විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්