හිටපු ජනාධිපති රනිල් අද අල්ලස් කොමිසම හමුවට

හිටපු ජනාධිපති රනිල් අද අල්ලස් කොමිසම හමුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කළ කැඳවීමකට අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (28) එම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වේ.

අද පෙරවරු 9.30ට ඔහු එම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බව සඳහන් වේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙලෙස කැඳවා ඇත්තේ මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක, ඌව පළාත් සභාවේ ප්‍රධාන ඇමතිව සිටි කාලයේ දී සිදු කර ඇති දුෂණ චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රේල් 17 වනදා අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත පැමිණෙන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දී තිබුණ ද එදින ඔහුට පැමිණීමට නොහැකි බවට සිදුකළ දැනුම් දීමකින් අනතුරුව පසුගිය 23 වනදාද අල්ලස් හෝ දූෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබිණි. කෙසේ වෙතත් එදිනද ඔහු අල්ලස් හෝ දූෂණ කොමිසම හමුවේ පෙනී නොසිටි අතර අද දිනයේ දී මෙලෙස කැඳවා ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්