පාස්කු දා ප්‍රහාරය: ජනාධිපති පරීක්ෂණ කොමිෂන් වාර්තාව ජනපති නියමයෙන් CIDයට

පාස්කු දා ප්‍රහාරය: ජනාධිපති පරීක්ෂණ කොමිෂන් වාර්තාව ජනපති නියමයෙන් CIDයට
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ඊයේ (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වීමත් සමග ජනාධිපතිගේ උපදෙස් මත, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන වේගවත්ව සහ අලුත් දිශානතියක් ඔස්සේ දියත් කෙරිණි.

ඒ අනුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වසර 06ක් ගත වන අවස්ථාවේ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳ ස්වාධීන සහ අපක්ෂපාතී විමර්ශනයක් සහතික කිරීමට රජය සමත් වී ඇත.

එසේම, මෙම අපරාධය කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ නොතබා වින්දිතයන්ට සාධාරණය ඉටු කරන බවට වන සහතිකය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ලබා දී තිබේ.
Facebook
Twitter
LinkedIn