ශ්‍රී දළදා වන්දනාවත් දරා ගත නොහැකි පිරිසක් මඩට බසී

ශ්‍රී දළදා වන්දනාවත් දරා ගත නොහැකි පිරිසක් මඩට බසී

ලබන 27 වෙනි දින දක්වා පැවැත්වෙන ශ්‍රී දළදා වන්දනාවට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගී වීම අඩපණ කිරීම සඳහා සංවිධානාත්මක කණ්ඩායම් ගණනාවක් විවිධ ප්‍රචාර ගෙන යමින් තිබෙන බව තහවුරු වී ඇත.

එම වන්දනා පෝලිමේ සිටින ඇතැම් කාන්තාවන් සහ පිරිමින් යොදා ගනිමින් ප්‍රචාර දියත් කිරීම, පහසුකම් සැලසීම පිළිබඳව දුර්මත ප්‍රචාරය කිරීම, කැලි කසල ඉවත් නොකරන්නේ යැයි ප්‍රචාර දියත් කිරීම ආදී එම සංවිධානාත්මක පිරිස් විසින් සිදු කරමින් සිටිති.

ලක්ෂ ගණනක ජනතාවක් පැය ගණනක් පෝලිමේ සිටිමින් වන්දනා කිරීමට සිදුවීම තුළ ඇතිවන ආතතිමය තත්වය එම කණ්ඩායම්වල ප්‍රචාරවලට යොදා ගෙන තිබේ. ශ්‍රී දළදා වන්දනාව සඳහා ස්වෙච්ඡාවෙන් ම පැමිණෙන ජනතාවට සංවිධායක මණ්ඩලය විසින් හැකි උපරිම පහසුකම් සලසා ඇත.

Facebook
Twitter
LinkedIn