එළඹී තිබෙන මෙම යල කන්නයේ දී වී වගා කළ නොහැකි කුඹුරු ඉඩම්වල අතිරේක බෝග වගා කිරීම සඳහා විශේෂ සහනාධාරයක් ලබා දීමට රජය සැලසුම් කර ඇති බව අනාවරණය කෙරේ.
ඊයේ (19) තලවාකැලේ පවත්වන ලද ජනහමුවක දී ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව හෙළි කරනු ලැබීය. අතිරේක බෝග වගාවන් සඳහා රුපියල් 15,000ක සහනාධාරයක් මේ යටතේ ගොවීන් හට පිරිනැමේ.
පසුගිය මාස් කන්නයේ දී වී ගොවීන් හට ඉහළම ආදායමක් ලැබුණු අතර, එළවලු ගොවීන්ගේ නිෂ්පාදන ද ඉහළ මිලකට විකුණා ගත හැකි විය.
949










