මේ වනවිට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙමින් පවතින පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තඩංගුවට ගෙන තිබේ.
පරීක්ෂණවල අවශ්‍යතාවය මත එම පුද්ගලයා කවුරුන්දැයි මේ වනතුරු හෙළි කර නැත. නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයෙකු වන මහාචාර්ය ශිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් අතරුදහන් කිරීම සම්බන්ධයෙන් එම විමර්ශනය පැවැත්වේ.
පසුගිය 08 වෙනි දින පිල්ලෙයාන් අත්තඩංගුවට ගැනීමෙන් පසුව දේශපාලන සම්බන්ධතා මත සිදු කළ පැහැර ගෙන යාම් සහ පුද්ගල ඝාතන රැසක් පිළිබඳව තොරතුරු හෙළි කර ඇතැයි වාර්තා වේ. මේ නිසා ම, රාජපක්ෂ පාලන සමයේ මෙන් ම, රනිල් වික්‍රමසිංහ සමයේ ද, විවිධ චෝදනාවලට ලක් වී සිටින බොහෝ පිරිසක් කලබලයට පත් වී සිටිති.
1,682










