ඡන්ද පත්‍රිකා කෝටියක් මුද්‍රණය කර අවසන්

ඡන්ද පත්‍රිකා කෝටියක් මුද්‍රණය කර අවසන්

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද පත්‍රිකා කෝටියක් පමණ මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලය පවසයි.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ මස අග අවසන් කරන බව රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්ප කුමාර පවසයි.

මෙවර පළාත් පාලන මැතිවරණයට ඡන්ද දායකයෝ එක්කෝටි හැත්තෑ දෙලක්ෂ අනූ හයදහස් තුන්සිය තිහක් (17,296,330) සුදුසුකම් ලබා සිටිති.

මෙවර පළාත් පාලන මැතිවරණය මැයි 06 වනදා පැවැත්වීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්