කෙහෙළිය අදත් CIDයට

කෙහෙළිය අදත් CIDයට

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල අද (11) දිනයේද ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති අතර ඒ අනුව ඔහු අද මෙලෙස පැමිණ ඇත.

ඔහු මීට පෙර පසුගිය 09 වෙනිදාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

මෙම සිද්ධියට අදාළව ඔහු පසුගිය දිනවල රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අතර පසුව ඇප හිමි විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්