ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මගින් වර්ෂ 2008න් පසු පළමු සිපෙට්කෝ ලිහිසිතෙල් තොග නිකුත් කිරීම ආරම්භ විය.
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස් ද එස්. රාජකරුණාගේ හා කළමණාකාර අධ්‍යක්ෂක ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ ප්‍රධානත්වයෙන් පළමු සිපෙට්කෝ ලිහිසිතෙල් තොගය ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහට ලබාදීම මුතුරාජවෙල ලිහිසිතෙල් මුසුකිරීමේ යන්ත්‍රාගාරයේ දී සිදුවිය.
සිපෙට්කෝ ලිහිසිතෙල්, ඇමරිකානු පෙට්ට්‍රෝලියම් ආයතනයේ (API) තත්ව සහතිකය ලබා ඇති ලිහිසිතෙල් වර්ගයකි. මේ දක්වා කෑන් සහ බැරල් වශයෙන් අලෙවි කටයුතු සිදු කළද මෙතැන් සිට ලිහිසිතෙල් තොග අලෙවියද ආරම්භ කරන ලදි.
මෙහිදි අදහස් දැක්වු ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස් ද එස්. රාජකරුණා “අපි ලිහිසිතෙල් කාර්මාන්තය ආරම්භ කරන්නේ 1969 වර්ෂයේ දීය. 2008 වර්ෂයේ සිට මේ දක්වා යුද හමුදා වාහනවලට භාවිතා කර ඇත්තේ සිපෙට්කෝ ලිහිසිතෙල් වර්ගයි. 2008 වර්ෂය කියන්නේ අපේ රටේ යුද්ධය පැවති කාලයයි ඒ කාලයේ අපේ ලිහිසිතෙල් යුද හමුදා වාහනවලට භාවිතා කරමින් යුද්ධ කරා නම් අපේ ලිහිසිතෙල්වල ගුණාත්මකභාවය පිළිබඳව ආයේ කථා කරන්න දෙයක් නෑ.”
මෙහිදි අදහස් දැක්වු ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂක ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ, “බහුතරයක් මෙතෙක් කල් අපේ ලිහිසිතෙල්වල ගුණත්මකභාවය පිළිබඳව විවිධ මතවාද සාමාජගත කර තිබුණා. අද අපිට හැකියාව ලැබී තිබෙනවා බහු ජාතික සමාගම් සමඟ කරට කර තරඟ කොට ලිහිසිතෙල් අලෙවි කිරීමට. එහි පළමු තොගය තරඟකාරී ප්‍රසංම්පාදන ක්‍රියවලියට අනුව රජ්‍ය ආයතනයක් වන ලංකා ගමනා ගමන මණ්ඩලයට ලබාදීමට හැකිවීම අපි ලැබු ජයග්‍රහණයක්. රට තුළත් විදේශ රටවලටත් අලෙවි කොට අපේ ලිහිසිතෙල් කර්මාන්තය ජාත්‍යයන්තර සන්නාමයක් බවට පත්කිරීමට අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා.”
මෙහිදි අදහස් දැක්වු ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහ, “මෙතෙක් කල් ඛනිජතෙල් සංස්ථාවෙන් ලිහිසිතෙල් ලබාගෙන තිබුණේ නෑ. මෙම තොග ලබාගැනීම තුළින් අපිට සුවිශේෂි ලාභයක් ලැබුනා. රාජ්‍ය ආයතනයක් තවත් රාජ්‍ය ආයතනයක් සඳහා ඉතාළි වාසිදායි මිලකට ලබාදී තිබෙනවා. මෙමගින් ලංකා ගමනා ගමන මන්ඩලයට මිලියන 45ක පමණ වාසියක් ලැබුනා.”
මෙම අවස්ථාව සඳහා වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අලෙවි සමන්ත ගුණවර්ධන, වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තාක්ෂණික සේවා හා ආයතනික කටයුතු මේනක ජීවසිරි, වැඩබලන කළමණාකාර ලිහිසිතෙල් හා විශේෂ නිෂ්පාදන ඉන්දික ගලගොඩගේ ඇතුළු විධායක නිලධාරීන් සහභාගී වූහ.
ඒ අනුව පාරිභෝගික ඔබට අවශ්‍ය ඉන්ධන වර්ග හා ඇමරිකානු පෙට්ට්‍රෝලියම් ආයතනයේ (API) තත්ව සහතිකයලත් උසස් ප්‍රමිතියෙන් යුත් සිපෙට්කෝ ලිහිසිතෙල් වර්ග සිපෙට්කෝ පිරවුම්හල්වලින් ලබාගැවනීමට පහසුකම් සලසා ඇත.










