ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (25) පවත්වා තිබේ.
යුද හමුදාවේ උසස් නිලධාරීන් සමග පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් වූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කර ඇත.
ආරක්ෂක නියෝජ්‍ය ඇමති, විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ ඇතුළු යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් මීට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.




Views: 0










