ජාතික ආරක්ෂාවේ නාමයෙන් අලුත් වටයක ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කිරීමට මූලික වූ නාමල් රාජපක්ෂගේ දේශපාලන කල්ලිය ජනතාව ඉදිරියේ සම්පූර්ණයෙන් ම පරාජයට පත්විය.
ඔවුන් පසුගිය සතියේ ගෙනයාමට උත්සාහ කළ ප්‍රචාර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධය පළ කරමින් තිබිණි. විශේෂයෙන් ම නාමල් රාජපක්ෂට ප්‍රතිචාර දක්වා තිබෙන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳව කතා කිරීමට පෙර මහින්ද රාජපක්ෂ බාර ගන්නා ලෙස ය.
උදය ගම්මන්පිල සහ සරත් වීරසේකර යන නාමල් රාජපක්ෂගේ දේශපාලන සමීපතමයන් ද මේ ආකාරයෙන් ම පරාජයට පත් වූ බව දකින්නට ලැබිණි. පොහොට්ටු පක්ෂයේ තොරතුරුවලින් හෙළිවන්නේ බැසිල් රාජපක්ෂ ද ඔවුන්ගේ එම ප්‍රචාරක සැලැස්ම විවේචනය කර ඇති බවයි. ඒ පිළිබඳ වැඩි දුර විස්තර හෙළිවෙමින් පවතී.
Views: 0










