විෂය භාර ඇමතිගේ ගැසට් නිවේදනය අනුව ලබන ජුනි මස 02 වැනිදාට ප්රථමයෙන් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බැවින් එම මැතිවරණය පැවැත්වෙන දිනය තීන්දු කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් ලබන 27 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.
මේ බව අනාවරණය වන්නේ අම්පාර දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පසුගිය 21 වැනිදා පැවති මැතිවරණ නියාමන පනත් කෙටුම්පත පිළිබඳ රාජ්ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවේදී මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක දැක් වූ අදහස්වලිනි.
මේ අතර විෂය භාර ඇමතිගේ ගැසට් නිවේදනය අනුව ලබන ජුලි මස 02 වැනිදාට ප්රථමයෙන් පළාත් පාලන මැතිවරණය පවත්වා එහි සභිකයන් ගැසට් කර සියලුම මහ නගර සභා, නගර සභා සහ ප්රාදේශීය සභා පවත්වාගෙන යෑමට කටයුතු කරන්නේ යැයිද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක වැඩිදුරටත් පවසයි.
Views: 0










