කොටහේනේ ඝාතනය: තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

කොටහේනේ ඝාතනය: තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩිතබා සිදුකළ ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම සැකකරු ඊයේ (23) දහවල් කාලයේදී මෝදර, මෙත්සඳ සෙවණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම සැකකරු විසින් කොටහේන වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුව කොළඹ කොටුව ප්‍රදේශයේ සිට ඔහුගේ ත්‍රීරෝද රථයෙන් කොස්ගස්හන්දිය ප්‍රදේශයේ පිහිටි සිය බිරිඳගේ නිවසට කැඳවාගෙන විත් අපරාධය සඳහා ගිනි අවිය හා පතොරොම් ලබා දී ඇති බවටද අනාවරණය වි ඇතැයි සඳහන් වේ.

පසුගිය 21 වනදා කොටහේන ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් තවත් අයෙකුව වෙඩි තබා ඝාතනය කර තිබූ අතර පසුව අදාළ වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැඟවූ ආයුද පෙන්වීමට යාමේදී ඇති වූ සිදුවීමක් මත පොලිස් වෙඩි පහරින් ඔවුන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබිණි.

Facebook
Twitter
LinkedIn