වී සමග බොල් වී මිශ්‍ර කළ ගබඩාවක් පාරිභෝගික අධිකාරියේ නිලධාරින් වටලයි

වී සමග බොල් වී මිශ්‍ර කළ ගබඩාවක් පාරිභෝගික අධිකාරියේ නිලධාරින් වටලයි

පිරිසිදු වී සහ බොල් වී මිශ්‍ර කරන මින්නේරිය ප්‍රදේශයේ වී ගබඩාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් විසින් වටලා තිබේ.

එම ගබඩාවේ තිබී බොල් වී සමඟ මිශ්‍ර කළ පිරිසිදු වී කිලෝ 6,000ක් පමණ සොයාගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

අදාළ වී ගබඩාව මුද්‍රා තැබීමට එම නිලධාරින් කටයුතු කර ඇති අතර ගබඩාව පවත්වාගෙන ගිය හිමිකරු එළැඹෙන 21 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් කටයුතු කර තිබේ.

Facebook
Twitter
LinkedIn