ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගයේ මංගල අයවැය ලේඛණය ලබන සඳුදා (17) ඉදිරිපත් කරන අතර, පසුගිය වර්ෂයේදී රජයේ අපේක්ෂිත වියදමෙන් 61%ක් ණය වාරික සහ පොලී ගෙවීමට වැය වූ දරුණු බිඳ වැටීමෙන් ගොඩ ඒම සඳහා මෙම මංගල අයවැයෙන් ක්රියාමාර්ග ඉදිරිපත් කිරීමට නියමිත ය.
පොලී වියදම රුපියල් බිලියන 2,651ක් සහ ණය ආපසු ගෙවීමට රුපියල් බිලියන 4,268ක් 2024 වර්ෂය සඳහා ඇස්තමේන්තු කර තිබිණි. ඒ අනුව ණය වාරික සහ පොලී ගෙවීමට පමණක් රුපියල් බිලියන 6,919ක් වැයවී තිබිණි. රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 11,283කි.


Views: 0










