ඇමති හිනිදුම සුනිල් සෙනෙවි පොලිසි යයි

ඇමති හිනිදුම සුනිල් සෙනෙවි පොලිසි යයි

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ “ව්‍යාපාරික මිතුරකු සිංහරාජ පිවිසුමේ හොර පතලක් දාලා” යනුවෙන් සමාජ මාධ්‍යයේ අසත්‍ය පුවතක් පළ කිරීම සම්බන්ධයෙනි.

මේ කියන විදියේ ව්‍යාපාරික මිතුරෙක් තමාට නැතැයි කී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මෙවන් බොරු පුවත් පළ කිරීම නිසා පෞද්ගලිකව තමාටත් රජය ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිවලටත් අපකීර්තියක් සිදුවී තිබෙන බව සඳහන් කරයි.

බොරු තොරතුරු පළ කළ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන ලෙස තමා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බවද බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි වැඩිදුරටත් වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn