කේ.ටී. චිත්රසිරි කමිටු නිර්දේශයන්ට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට රජය සූදානම් වන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් භුක්ති විඳින වරප්‍රසාද අඩු කිරීමට රජය දුන් පොරොන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් භුක්ති විඳින වරප්‍රසාද අඩු කිරීමට රජය දුන් පොරොන්දුවට ආළ කරුණු දැනටමත් ක්‍රියාත්මක කර ඇතැයිද ඔහු සඳහන් කරයි.
“රජය පාලනය කර ඇති ආකාරය ගැන සලකා බැලුවහොත්, මේ වන තෙක් කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වාහනයක් ලබා දී නොමැති අතර වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් නොකිරීමටද තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ආහාර මිල රුපියල් 450 සිට රුපියල් 2,000 දක්වා ඉහළ ගොස් ඇති අතර අමාත්‍යවරුන්ට හා මන්ත්‍රීවරුන්ට පෙර ලබා දුන් නිල නිවාස 51ම ඉවත් කර තිබෙනවා. ඔවුන්ට හිමි ඉන්ධන දීමනාද අඩු කර තිබෙනවා.”
පාර්ලිමේන්තු වරප්‍රසාද අඩු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබඳව විමසූ විට ඇමති ආනන්ද විජේපාල සඳහන් කෙළ්,
“ඔවුන් මෙම යෝජනා ඉදිරිපත් කිරීම ගැන අපි සතුටු වෙනවා. මෙයින් පෙනී යන්නේ අපි අවසානයේ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන විට ඔවුන් අප සමඟ එකඟ වනු ඇති බවයි.”










