දිවයින පුරා සියලුම ප්‍රදේශවල විදුලිය යථා තත්වයට පත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.
එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය සඳහන් කළේ සියළුම ග්‍රිඩ් උපපොලවල විදුලි සැපයුම් කටයුතු යථා තත්වයට පත් කර ඇති බවය.
ස්ථාන කිහිපයක ද්වීතික සැපයුම් මාර්ගවල විදුලි සැපයුමට සුළු බාධා පවතින අතර එම කටයුතුද කඩිනමින් යථා තත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බවද ඔහු සඳහන් කරයි.
අද පෙරවරු 11.15ට පමණ පානදුර විදුලි ග්‍රිඩ් උපපොලේ ඇතිවූ තත්වයක් හේතුවෙන් දිවයින පුරා විදුලි බිඳ වැටීමක් සිදුවිය.
අදාළ සිදුවීමත් සමග විදුලිබල පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවය විදුලිය බිඳ වැටීමට හේතු වී ඇති බව විදුලිබල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය සඳහන් කරයි.
Views: 0










