එක්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගෙන විනාශ වීමෙන් සිදු වූ හානි පූර්ණය කිරීම සඳහා වන්දි ලබා ගැනීම වැළැක්වීමට ඩොලර් මිලියන 250ක අල්ලස් මුදලක් ලබා දි ඇති බවට එවකට අමාත්‍යවරයෙකු ලෙසින් සිටි විජේදාස රාජපක්ෂ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
ඔහුගේ එම ප්‍රකාශය පිළිබඳව වහාම පරීක්ෂණ පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට අගරදගුරු මැල්කම් රංජිත් හිමිපානන් ඇතුළු කිහිප දෙනෙකු විසින් පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. හිටපු ඇමති විජේදාස රාජපක්ෂ මේ පිළිබඳව අල්ලස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණි.
පසුගිය 07 වෙනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පැමිණිල්ල නැවත විභාගයට ලත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන පිළිබඳව කරුණු ලබන 13 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
අගදරගුරු හිමිපානන් ඇතුළු පිරිස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ල පිළිබඳ වැඩිදුර විභාගයේදී අල්ලස් කොමිසමේ විමර්ශන සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන පිළිබඳ කරුණු අධිකරණයට කැඳවා තිබේ.










