දිළිඳු ජනතාවට සහ පාසල් ළමුන් හට නොමිලයේ බෙදාහැරීම සඳහා පසුගිය වසරේදී ලෝක ආහාර වැඩසටහන යටතේ කසකස්ථානය, ඕස්ට්‍රේලියාව ආදී රටවලින් මෙරටට ලබාදී තිබූ සහල්, පරිප්පු සහ රටඉඳි ඇතුළු ආහාර කිලෝග්‍රෑම් ලක්ෂ 15කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
මෙම ආහාර තොගය සොයාගෙන ඇත්තේ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් වේයන්ගොඩ ගබඩා සංකීර්ණයේ ගබඩා කර තිබියදි වන අතර නිසි කලට බෙදාහැරීමට එවකට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් මේ වනවිට එම ආහාර තොගය කල් ඉකුත් වී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
Views: 0










