මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩල රැස්වීම එහි සභාපති, අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පළමු වරට ජනවාරි 30 දින අගමැති කාර්යාලයේදී පවත්වා තිබේ.
මෙහිදී මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් කළයුතු ඉදිරි වැඩ කටයුතු පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇත. ගිණුම් සකස් කිරීම සහ කඩිනමින් විගණන කටයුතු සිදුකිරීම, සේවා අවශ්‍යතා හදුනා ගනිමින් අනුමත පුරප්පාඩු අනුව පුරප්පාඩු පිරවීම, අවශ්‍යතා අනුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් සඳහා පුහුණු අවස්ථා ලබාදීම, සංස්කෘතික උරුමයන් නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා පහසුකම් සහ සනීපාරක්ෂාව සැපයීම පිලිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත.
සංවර්ධනය වෙමින් පවතින සංචාරක ක්ෂේත්රය තුළ සංචාරකයින් සඳහා ගුණාත්මක සේවාවක් ලබා දීමත්, මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම හා සංවර්ධනය කිරීමත් ඇතුළු කාරණා පිළිබඳ අදාළ ආයතන සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමටද මෙහිදී එකඟතාවය පළ කර තිබේ.
මෙම අවස්ථාවට සංස්කෘතික ඇමති හිනිදුම සුනිල් සෙනෙවි, නියෝජ්‍ය ඇමති ගමගෙදර දිසානායක, අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් නිලන් කුරේ ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් එක්ව සිටි බව අගමැති මාධ්‍ය අංශය සඳහන් කරයි.













