වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (02) දිවුරුම් දී තිබේ.
වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස පත් කළ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් අභියාචනාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයාය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගෙන ඇති අතර එය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පිළිගෙන ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව නව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයෙකු පත් කරන තෙක් මෙම පත්වීම වලංගු වනු ඇත.

Views: 0










