දරුවන් 200කගේ ජීවිත නැතිවීමට වගකියන්නේ කවුද?

දරුවන් 200කගේ ජීවිත නැතිවීමට වගකියන්නේ කවුද?

සමාජ මාධ්‍යවලට ඇබ්බැහිවීමෙන් ඇතිවන ආතතිය නිසා පසුගිය 2024 වසරේදී වයස අවුරුදු 18ට අඩු දරුවන් 200ක් පමණ සියදිවි නසාගෙන ඇති බව හෙළිකර තිබේ.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මෙම දත්ත හෙළිකර ඇති අතර 2023දී එම සංඛ්‍යාව 113ක් වූ බවත් වැඩිදුරටත් පවසා තිබේ. “අනාගත ප්‍රජා සෞඛ්‍ය අභියෝග” යන තේමාවෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මූලස්ථානයේ පවත්වන ලද මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කර ඇත.

ඩිජිටල් තාක්ෂණයට ගමන් කිරීමේදී සමාජ මාධ්‍යවලට දරුවන් ඇබ්බැහිවීම වළක්වා ගැනීම සඳහා සැලසුම් සහගත ක්‍රියාමාර්ග දියත් කිරීමේ අවශ්‍යතාවය ඔහු එහිදී අවධාරණය කර ඇත.

Facebook
Twitter
LinkedIn