යෝෂිත රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරයට

යෝෂිත රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරයට

දේපළ හා වත්කම් අයුතු ලෙස ඉපැයීමේ චෝදනාවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව මගින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පුත් යෝෂිත රාජපක්ෂ අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමෙන් පසු ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහුට එරෙහිව දේපළ හා වත්කම් අයුතු ලෙස ඉපැයීමේ චෝදනා එල්ල වී ඇත්තේ රත්මලාන සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

අදාළ විමර්ශන සිදු කරනු ලබන්නේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේය.

Facebook
Twitter
LinkedIn