හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමට හේතු වූ කරුණ පිළිබඳ මේ වනවිට කරුණු අනාවරණය වී තිබේ.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, රත්මලාන සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළවය.
එම නඩුවට අදාළව යෝෂිත රාජපක්ෂ සැකකරුවකු ලෙස නම් කිරීමට තරම් ප්‍රමාණත් කරුණු ඇති බව නීතිපති විසින් පසුගිය 23වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමක්ද සිදු කර තිබිණි.
යෝෂිත රාජපක්ෂව CID අත්අඩංගුවට පත්වන්නේ ඩේසි ආච්චිගෙ මැණික් මල්ලෙන් මුදල් ලැබුණු බව පවසමින් යට ගසා තිබූ රත්මලාන නිවසට අදාළව ප්‍රමාණවත් සාක්ෂි පවතින බව නීතිපති දෙපාර්තමේන්තුව දැන්වීමෙන් පසුවයි
මේ වනවිට නඩුකරයක් පවතින මෙම ඉඩමේ ප්‍රධාන සැකකාරිය වන්නේ යෝෂිත රජපක්ෂගේ මිත්තණියක වන ඩේසි ෆොරස්ට් නැමැත්තිය වන අතර සුප්‍රකට “ඩේසි ආච්චිගේ මැණික් මල්ල” ගැන කියන කටඋත්තරය දී තිබුනේද මෙම නඩුකරයට අදාළවය.










