විදෙස් රැකියා ජාවාරමට 132ක් අල්ලයි

විදෙස් රැකියා ජාවාරමට 132ක් අල්ලයි

විදේශ ගතවීම සඳහා නීතිවිරෝධී ආයතන සඳහා මුදල් ලබාදීමේ සිදුවීම් සම්බන්ධයෙන් 2024 වසරේදී පුද්ගලයින් 132 දෙනෙකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා පවසයි.

පසුගිය 2023 වසරට සාපේක්ෂව 2024 වසරේදී වංචනිකයන්ට මුදල් ලබාදීමේ සිදුවීම්වල 27%ක වර්ධනයක් තිබෙන බවද ඔහු පෙන්වා දෙයි. 2023 වසරේදී විදේශ ගතවීම සඳහා නීතිවිරෝධී ආයතනවලට මුදල් ලබාදීම් සම්බන්ධ පැමිණිලි 3,675ක් ලැබී ඇති බවත් 2024 වසරේදී එම පැමිණිලි 4,658ක් දක්වා ඉහළගොස් ඇති බවත් ඔහු සඳහන් කරයි.

අදාළ වංචා සම්බන්ධයෙන් බලපත්‍රලාබී ආයතන 14ක හිමිකරුවන්ද මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු පවසයි.

ඒ වෙනුවෙන් අදාළ උසාවිවල 2024 වසරේදී නඩු 900ක් ගොනුකර ඇති බවත් 2023 වසරේ නඩු 182ක් ගොනු කර ඇති බවත් ඔහු සඳහන් කරයි.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්