යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූවේ දේපළ හා වත්කම් අයුතු ලෙස ඉපැයීමේ චෝදනාවක් මත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පවසයි.

කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු පසුගිය ජනවාරි 03වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතද කැඳවා තිබිණි.

එම ඉඩම සම්බන්ධයෙන් මීට පෙර හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්