මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශනය කෙරෙන අමුතු දොස්තර “ටෙලි නාට්‍ය” කෙරෙහි විශාල ප්‍රේක්ෂක අවධානයක් යොමු වී තිබෙන අතර එහි අධ්‍යක්ෂක සහ චරිත නිරූපණයෙන් දායක වන කෝරලගේ සමන් මූලික වශයෙන් තෝරා ගන්නා ගීත පිළිබඳව හෙළිකර තිබේ.
වඩා පොහොසත් සංස්කෘතික ජීවිතයක් පිළිබඳව විවිධ මානවලින් සාකච්ඡා මෙහෙයවන මාධ්‍යවේදී ගැමුණු වන්නිනායක පවත්වාගෙන යන “මතක පද“ යූටියුබ් නාලිකාව පසුගිය දිනෙක කෝරලගේ සමන් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබිණි. එහිදී ඔහු තෝරා ගෙන තිබූ ගීත 3 කෙරෙහි විශේෂ අවධානයක් යොමු වී ඇත.
සුනිල් සරත් පෙරේරා රචනා කර අමරදේව සංගීතවත් කර ගායනා කළ “ඔබ මා සමඟ අතිනත ගන්නා දවස“ ගීතයත්, රත්නශ්‍රී විජේසිංහ රචනා කළ ගුණදාස කපුගේ ගායනා කළ බිම්බරක් සෙනග ගීතය සහ සේන වීරසේකර රචනා කළ, වික්ටර් රත්නායක ගායනා කළ “සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ“ යන ගීත තෝරා ගෙන තිබිණි.
එම වීඩියෝව පහත දැක්වේ.










