පසුගිය රනිල් – රාජපක්ෂ පාලන කාලයේදී අත්තනෝමතික ලෙස සේවය අත්හිටවූ විදුලි බල මණ්ඩලයේ සේවකයින් 62 දෙනෙකුගේ සේවය යළි අද (24) දින ලබා දෙන ලදී.
ඒ එම සේවකයින්ට එරෙහිව අසාධාරණය ලෙස පවා තිබූ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමිණි.
බලශක්ති ඇමති කුමාර ජයකොඩි විසින් ඔවුන්ට යළි සේවයේ පිහිටුවීමේ ලිපි බාරදුන් අතර මෙම අවස්ථාවට විදුලි බල මණ්ඩලයේ උප සභාපති පුබුදු නිරෝෂන්, ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් ඇතුලු වෘත්තිය සමිති නායකයින් සහ එම සේවකයින් සහභාගී වී තිබේ..







Views: 0










