කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයන් පත් කරයි

කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයන් පත් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කරනු ලැබ තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් කොමිසමේ සාමාජිකයින් වෙත අද (13) ජනාධිපති කාර්යාලයේදී පිරිනමා ඇත.

ඒ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර පත් කර ඇත.

ඩේමියන් අමල් කබ්රාල්, මොහාන් රේ අබේවර්ධන, සංජය කුලතුංග සහ ආචාර්ය හර්ෂ සුබසිංහ එම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.‍

Facebook
Twitter
LinkedIn