වන අලි ඇතුළුව වන සතුන්ගේන් පොදු ජනතාවට සිදුවන පීඩාවට උත්තර සෙවීම සඳහා විශේෂ මහජන හමුවක් ගල්ගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පසුගිය 04 වනදා රාත්‍රීයේ පැවැත්විණි.
රාත්‍රී 09.30ට අපමණ ආරම්භ කළ එම මහජන හමුව මධ්‍යම රාත්‍රිය පමණ වන තුරු පවත්වා තිබේ.
එම අවස්ථාවට පරිසර ඇමති ධම්මික පටබැඳි, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල, පරිසර නියෝජ්‍ය ඇමති ඇන්ටන් ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන තෙන්නකෝන් සහ ඊට අදාළ නිලධාරීන්ද එක් වී සිටියහ.
මෙහිදී ගල්ගමුව, මීගලෑව සහ ගිරිබාව යන වනජීවී කාර්යාල තුනට අමතරව මහනාන්නේරිය, ඇහැටුවැව සහ අඹම්පොළ වශයෙන් තවත් වනජීවී කාරයාල තුනක් දැමීමටත් එම කාර්යාල 06 සඳහා අවශ්‍ය නිලධාරීන් හා වාහන ලබාදීමටද තීන්දු වී ඇත.
ඊට අමතරව ගල්ගමුව, මීගලෑව, ඇහැටුවැව, මහ නාන්නේරිය සහ ගිරිබාව යන පොලිස් ස්ථාන සඳහා ද වාහන ලබාදෙමින් රාත්‍රී කාලයේ මුරසංචාර වැඩි කිරීමටද තීරණය කර ඇත.
එමෙන්ම කඩිනමින් අලි වැට ඉදිකර අවසන් කිරීමටත් එදිනෙදා දෛනික ජීවිතයේදී ජනතාවට බලපාන ප්‍රශ්න විසඳෙන ලෙස කටයුතු කිරීමටත් රාජ්‍ය නිලධාරීන් සමග එකඟතාවයට පැමිණ තිබේ.
එමෙන්ම අලි ගැවසෙන ප්‍රදේශවල වීදි පහන් සවිකිරීමට ප්‍රාදේශීය සභාව සමග එකඟ වී ඇත.
මෙහිදී දිගුකාලීන වශයෙන් වනාන්තර තුළ වන සතුන්ට ජීවත්වීමට සුදුසු පරිසරයක ඇති කිරීමට අදාළව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද සාකච්ඡාවද ලක් වී තිබේ.

















