සහල් ආනයනය අරඹයි – මෙට්‍රික් ටොන් 30,000ක් ඇනවුම් කරයි

සහල් ආනයනය අරඹයි – මෙට්‍රික් ටොන් 30,000ක් ඇනවුම් කරයි

සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස පිටකොටුව ආනයනකරුවෝ සහල් මෙට්‍රික් ටොන් 25,000ත් 30,000ත් අතර ප්‍රමාණයක් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ආනයනයකරුවන්ගේ සංගමය පවසයි.

රජය පෞද්ගලික අංශයටත් සහල් ආනයනය කිරීමට අවසර ලබාදීම අනුව මෙම සහල් තොග ආනයනය කර තිබේ.

සහල් ආනයනය කිරීමට අවසර ලබා දී ඇති දෙසැම්බර් 31 දක්වා කාලය ප්‍රමාණවත් නොමැති වීම හේතුවෙන් තමන්ට සහල් ගෙන්වීමට හැකි වනුයේ සුළු ප්‍රමාණයක් බවත් ආනයනකරුවෝ පවසති.

නාඩු, කැකුළු හා සම්බා සහල් මෙසේ ආනයන කරන බවත් ඔවුහු සදහන් කරති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්