දේශපාලන බලය යොදවමින් රට පුරා සුරා සැල් විවෘත කළ පුද්ගලයින්ගේ නාමාවලිය සභානායක බිමල් රත්නායක විසින් ඊයේ (04) පාර්ලිමේන්තුවේදී හෙළි කරනු ලැබීය.
මෙම වසරේ ජනවාරි මාසයේ සිට නව මත්පැන් බලපත්ර ලබා දි ඇති අතර මුදල් ඇමති ලෙස රනිල් වික්රමසිංහගේ අනුමැතියෙන් සැප්තැම්බර් 22 වෙනි දින දක්වා එම බලපත්ර ලබා දී තිබේ. 110ක් වූ වැඩිම බලපත්ර සංඛ්යාවක් ලබා දී ඇත්තේ බස්නාහිර පළාතට ය.
ඉන් පසු වැඩිම ප්රමාණය දකුණු පළාතට වන අතර එම සංඛ්යාව 48කි. මධ්යම පළාතට 45ක්, උතුරට 32ක් සහ වයඹ, ඌව, සබරගමුව යන පළාත්වලට 30 බැගින් ලබා දී ඇත. නැගෙනහිර පළාතට 22ක් ද, උතුරු මැදට 14ක් ද වශයෙන් අලුත් මත්පැන් අලෙවි බලපත්ර ලබා දී තිබේ.
එම නාම ලේඛණය අනුව දේශපාලඥයින්ට තිබෙන සම්බන්ධතාවය පියවරෙන් පියවර ඉදිරියේදී හෙළි කරන තෙක් සමස්ත නාම ලේඛනය පහතින් අමුණා ඇත.
18,921






