කඳුකර ප්‍රදේශවල ඉදිකර ඇති නිවාස 15,000ක් පමණ නායයාමේ දැඩි අනතුරක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හෙළිකර තිබේ.
එම සංවිධානය විසින් කරන ලද නිරීක්ෂණවලදී එම කරුණු හෙළිවී ඇති අතර අවදානමට මුහුණ දී සිටින්නන් ආරක්ෂිත ස්ථානවල පදිංචි කිරීම 2007 වසරේ සිට මේ දක්වා නිසි ආකාරයට සිදු කර නැති බව ද හෙළිකර තිබේ. එම පවුල් අතරින් මේ දක්වා ආරක්ෂිත ස්ථාවල පදිංචි කර ඇත්තේ 3,500ක් පමණි. එම ජනතාව කඩිනමින් ආරක්ෂිත ස්ථානවල පදිංචි කිරීම අවශ්‍ය බව නැවතත් අවධාරණය කර ඇත.
පසුගිය සතියේ හටගත් වර්ෂාවත් සමඟ නිවාසවලට පස් කඩා වැටීම්, ගල් පෙරලීම් සහ නිවාස නායයාමේ අවදානම් යළිත් වරක් ඉහළ ගොස් ඇති බව එම සංවිධානයෙන් දැඩි ලෙස අනතුරු අඟවා තිබේ.
209










