බටනලාවක් සහ තුවක්කුවක් ගැටෙයි

බටනලාවක් සහ තුවක්කුවක් ගැටෙයි

ඉන්දීය යථාර්ථවාදී කලාත්මක සිනමාවේ පුරෝගාමියා ලෙස සැලකෙන සත්‍යජිත් රායි 1964 දී නිෂ්පාදනය කරන ලද “දෙදෙනෙක්” (Two) නම් කෙටි චිත්‍රපටය කෙරෙහි අපගේ විශේෂ අවධානයට ලක් කිරීම කාලෝචිත වේ.

ප්‍රභූත්වයේ සහ ධන බලයේ සංඛේත භාවිතා කරමින් නිරූපණය කළ දරුවෙකුගේ චරිතයක් සහ දුගී පැලක දරුවෙකුගේ චරිතයක් යොදා ගනිමින් ගැඹුරු දේශපාලනික වියමනක් එම කෙටි චිත්‍රපටියෙන් කර තිබේ.

දුගී දරුවා සහජීවනශීලීත්වයට දෑත් දිගු කරන අතර, ප්‍රභූත්වය නිරූපණය කරන දරුවා අධිපතිවාදී ආක්‍රමණශීලී මානසිකත්වයකින් ක්‍රියා කරයි.

එම කෙටි චිත්‍රපටිය සඳහා අප යෙදූ සිරස්තලය “බටනලාවක් සහ තුවක්කුවක්“ යනුවෙන් අර්ථ ගැන්වීය. එම කෙටි චිත්‍රපටය පහත දැක්වේ.

සත්‍යජිත් රායිගේ ගැඹුරු මානවවාදී මනෝභාවයන් සිනමාව තුළින් නිරූපණය වීම වෙනුවෙන් 64වන ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වූ 1992දී පිරිනැමූ අතර ලොව පුරා සිනමාකරුවන්ට සහ ප්‍රේක්ෂකයන්ට ගැඹුරින් බලපෑම් කිරීම සම්බන්ධයෙන් එම කෘතිය ඇගයීමට පාත්‍රවිය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්