කුඹුරුවලට සිදු වූ විනාශය අතිදැවැන්තයි

කුඹුරුවලට සිදු වූ විනාශය අතිදැවැන්තයි

පසුගිය සතියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා විනාශ වූ කුඹුරු නැවත වගා කිරීම සඳහා අවම වශයෙන් බිත්තර වී බුසල් 19,707ක් අවශ්‍ය වී තිබෙන බව නිල වශයෙන් හෙළි කර තිබේ.

වපුරා තිබූ කුඹුරු මෙන්ම විවිධ අවධිවල තිබුණු වී වගාවේ හෙක්ටයාර් ලක්‍ෂ ගණනක් විනාශ වී තිබේ. එමෙන්ම වැව් සහ ඇළ මාර්ග ද විශාල වශයෙන් විනාශ වී තිබීම නිසා සියල්ල යථා තත්ත්වයට පත් කිරීම විශාල අභියෝගයක්ව පවතී.

මේ සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ලබන 03 වැනිදා පාර්ලිමේන්තුවේ දී කරුණු රැසක් හෙළි කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්