වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනතාව තබා තිබෙන විශ්වාසය කඩ කිරීම සඳහා සැලැසුම්සහගතව මඩ ප්‍රහාර එල්ල කරන පුද්ගලයන්ගේ අරමුණ නිවැරැදිව තේරුම්ගත යුතු බව ළමා හා කාන්තා කටයුතු ඇමැතිනි, සරෝජා සාවිත්‍රි පෝල්රාජ් අවධාරණය කරන්නී ය.
තමන් ඉලක්ක කර ගනිමින්, බොරු ප්‍රචාර ගෙන යන සමාජ මාධ්‍ය කෙතරම් විකෘති සහ අවලාදසහගත ප්‍රචාර ගෙන යන්නේ දැයි කරුණු සහිතව ඇය හෙළි කර ඇත.
දරුවන් දෙදෙනකු සිටින තමන් වෙත එවන් ප්‍රචාර ගෙන යාමේ දී දරුවන් තිදෙනකු සිටින බව දැක්වීමට තරම් වෛරී චේතනාවෙන් ක්‍රියා කරන එම ප්‍රචාරකයන් පිළිබඳව නෛතික පියවර ගෙන ඇති බවට ද ඇය තව දුරටත් ප්‍රකාශ කළා ය.
4,738










