තම පියාට අමානුෂික ලෙස පහර දුන් අසල්වැසියන්ට පිස්තෝලයක් පෙන්වා මරණ තර්ජනය කිරීමේ චෝදනාවට උප පොලිස් පරික්ෂකවරයකු අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය සඳහන් කරයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ පොලිස් අපරාධ කොඨටාසයට අනුයුක්තව රාජකාරි කරනු ලබන ආණමඩුව ධර්මපාල ප්‍රදේශයෙ පදිංචි උප පොලිස් පරික්ෂකවරයකි.
අත් අඩංගුවට ගනු ලැබ ඇති උප පොලිස් පරික්ෂකවරයාගේ පියාට අසල්වැසියන් පිරිසක් පසුගිය 07 දින කිසියම් ආරවුලක් හේතුවෙන් අමානුෂීක ලෙස පහර දී ඇත. පසු කෝපයට පත් උප පොලිස් පරික්ෂක තම පියාට පහර දීමට සම්බන්ධ අසල්වැසි නිවෙස් වෙත පිස්තෝලයක් රැගෙන ගොස් මරණ තර්ජනය කරමින් පහර දීමක් සිදුකර ඇත. ඒ බව මේ වනවිට සිදුකල මූලික විමර්ශනවලදි අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.
උප පොලිස් පරික්ෂකවරයාගේ පියා වෘත්තියෙන් සමෘද්ධි නියාමක වරයෙකු බවද පැවසේ.
255










