යුක්තිය වෙනුවෙන් සිදු වන දැවැන්ත පරිවර්තනය සමග එක්වීම මුස්ලිම් ජනතාවගේ වගකීමක් – නීතිඥ අස්ෂේඩ් මොහොමඩ් මවුලවිතුමා

යුක්තිය වෙනුවෙන් සිදු වන දැවැන්ත පරිවර්තනය සමග එක්වීම මුස්ලිම් ජනතාවගේ වගකීමක් – නීතිඥ අස්ෂේඩ් මොහොමඩ් මවුලවිතුමා

යුක්තිය වෙනුවෙන් සිදු වන දැවැන්ත පරිවර්තනය සමග එක්වීම මුස්ලිම් ජනතාවගේ වගකීමක් යැයි නීතිඥ අස්ෂේඩ් මොහොමඩ් මවුලවිතුමා අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය 08 වනදා කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවති ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ අස්ෂේඩ් මොහොමඩ් මවුලවිතුමා,

“ජාතික ජන බලවේගයට මුස්ලිම් සමාජයේ සහයෝගය ලබාදිය යුත්තේ ඇයි කියන ප්‍රශ්නයට ප්‍රධාන උත්තර දෙකක් තිබෙනවා. මුස්ලිම් සමාජයේ සියලුම අය සියලුම අවස්ථාවලදී යුක්තිය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි කියන දේ අල් කුරානයේ පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. ආගමෙන් එවැනි නියෝගයක් ලැබුණු සමාජයක් කිසිදු විටෙක අයුක්තිය හෝ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාවක් නැහැ. ඒ නිසා යුක්තිය වෙනුවෙන් ලංකා ඉතිහාසයේ දැවැන්ත පරිවර්තනයක් සිදුවන අවස්ථාවේ ඒ සමග එක්වීම මුස්ලිම් අපගේ දැවැන්ත වගකීමක් වී තිබෙනවා. ඒ නිසා මෙරට මුස්ලිම් සමාජය අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේගය සමග එක්විය යුතු බව මම ඔබ හමුවේ කියා සිටිනවා.

ජාතික ජන බලවේගය සමග මුස්ලිම් සමාජය එක්විය යුතු දෙවැනි කරුණ, වී තිබෙන්නේ රට ඉදිරියට ගෙනයන ගමනේදී කිසිදු කොන්දේසියක් නොමැතිව අපගේ සහයෝගය ලබාදිය යුතු නිසයි. එම නිසා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එළඹෙන මහා මැතිවරණයේදී තරග වදින ජාතික ජන බලවේගයේ වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවීම සඳහා අවශ්‍ය ශක්තිය සියලු දෙනාට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.”

Facebook
Twitter
LinkedIn